Dayasiri Sits Next to Harin

හරීන් ළඟින් දයාසිරිව වාඩි කළ මැතිසබේ පුටු දැමිල්ල​
ikmangossiplanka
අලුත් පාර්ලිමේන්තුවේ ආසන වෙන් කිරීම් නියමාකාරයෙන් සිදුවී පාර්ලිමේන්තුව ප්‍රථම වරට රැස්වූයේ පෙරේදා (22) දිනයි. ඒ අනුව ආණ්ඩු පක්ෂය සිටින්නේ කතානායකතුමාට දකුණු පසින් වන අතර  වම්පසින් විපක්ෂය සිටී.  ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන්වල මුලින්ම සිටියේ මංගල සමරවීර අමාත්‍යවරයායි. ඊළඟට මංගල සමරවීර ,එස්. බී. දිසානායක,නිමල් සිරිපාල ද සිල්වා සහ ගාමිණී ජයවික්‍රම පෙරේරා යන අමාත්‍යවරු සඳහා අසුන් පනවා
තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අසලම අසුන්ගෙන සිටියේ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතායි.
ඊට තරමක් යාබදව ඉදිරිපෙළ අසුනේ සිටි තවත් ජනතා නියෝජිතයකු වූයේ නිපුණතා හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතායි.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට අසුන් ගැනීමට සිදුවූයේ විදුලි සංදේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අසලම වන අතර ඔවුන් දෙදෙනා කතාබස් කරයිද යන්න පිළිබඳව බොහෝ දෙනකු තුළ යම් සැකයක් තිබුණා.
එහෙත් ඔවුන් දෙදෙනා ඉතා සුහශීලීව සිනහවෙමින් කතාබස් කරමින් සිටිනු දක්නට ලැබුණා.
විරුද්ධ පක්ෂයේ පළමු පෙළ අසුන් පේළියේ ඉදිරියෙන්ම සිටින්නේ ඊ.පී.ඩී.පී. සංවිධානයේ ඩග්ලස් දේවානන්දා මහතා වන අතර  ඉන්පසුව අසුන්ගෙන සිටින්නේ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතායි.
ඉන්පසු එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුද අසුන් ගෙන සිටියා.
විපක්ෂ නායකට යාබද ආසනය පෙරදා  (22) දින හිස්ව පැවැතුණු අතර එය වෙන්කර තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන්.
නමුත් ඊයේ දින මහින්ද රාජපක්ෂ මහතා සභා ගර්භයට පැමිණ සිටියේ නැති අතර එම ආසනය ළඟට ඊළඟ ආසනයේ සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරු හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතායි.
දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල මහත්වරුන් පක්ෂ නායකයන් ලෙස ඉදිරිපෙළ එක ළඟ අසුන්ගෙන සිටිනු දක්නට ලැබුණා.
විරුද්ධ පක්ෂයේ පසුපෙළ අසුනක් වෙන්කර තිබුණේ පිවිතුරු හෙළ උරුමයේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතාට පමණයි.
මුත්තු සිවලිංගම් මහතා ඊයේ පාර්ලිමේන්තු නොපැමිණි නිසා එම ආසනයේ උදය ගම්මන්පිල මහතා අසුන්ගෙන සිටි අතර එම ආසනය විමල් වීරවංශ මහතාගේ ආසනය අසලම පිහිටා තිබීම තවත් විශේෂත්වයක්.
විරුද්ධ පක්ෂයේ පසුපෙළ අසුන්ගෙන සිටි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය හෆීස් මහතා ආසනයෙන් නැඟීටීමට යෑමේදී පුටුව වැඩිපුර කැරකී බිම ඇද වැටෙනු දක්නට ලැබුණා.
පිටුපස බිත්තිය යාන්තම් අල්ලාගැනීම නිසා ඔහුගේ හිස බිත්තියේ ගැටී බේරුණේ ඔහුගේ වාසනාවටයි.

No comments:

Post a Comment

Popular Posts