Police Describe About Former Suspects of Seya's Murder

සේයා ඝාතනයේ අත් අඩංගුවට ගැනීම් පිළිබඳව පොලීසිය කරුණු කියයි
ikmangossiplanka
සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා පිළිබඳ වෛද්‍ය වාර්තා කැඳවීමට මේ වන විට කටයුතු කර ඇති බවත් එම වෛද්‍ය වාර්තා සැසදීමෙන් පසු ඔවුන් දෙදෙනා මෙම සිද්ධියට සම්බන්ධ නොවන බවට හෙළිදරව් වූවහොත් ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට පියවර ගන්නා බව වැඩබලන පොලිස් ප‍‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍‍්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවා. ඒ සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් ගම්පහ බෙම්මුල්ල
ප‍‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණයක් කිරීමත් සමග මතුවන තවත් ප‍‍්‍රශ්නයක් වන මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නිර්දෝෂී ද නැතහොත්, එම අපරාධයට ඔවුන්ගේ ඇති සම්බන්ධය කුමක්ද යන්න නෙත් ගුවන් විදුලිය වැඩබලන පොලිස් ප‍‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍‍්‍රියන්ත ජයකොඩි මහතාගෙන් කළ විමසීමකදීයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඒ, 17 හැවිරිදි තරුණයෙකු සහ 33වන වියේ පසුවන්නෙක්. ඔවුන් දෙදෙනා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.
මේ අතර තවත් බොහෝ විමර්ශනවලදී මෙන්ම සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයේදී ද පොලිසිය මූලධර්මවලට පටහැනිව කි‍‍්‍රයාකර ඇතැයි අපරාධ නීතිය පිළිබඳ ප‍‍්‍රකට නීතිඥවරයෙකු වන යූ.ආර්. ද සිල්වා මහතා පවසනවා. පොලිිසියේ අත්තනෝමතික කි‍‍්‍රයා හේතුවෙන් සාමාන්‍ය පුද්ගලයින් පීඩාවට පත්වන බවද මෙහිදී ප‍‍්‍රකාශ කෙරුණා.
කිසියම් නිර්දෝෂී පුද්ගලයෙකු යම් වරදක් සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනුණ හොත් එවැනි පුද්ගලයෙකුට නීතියෙන් ඇති පිළිසරණ සම්බන්ධයෙන් නෙත් ගුවන්විදුලිය විමසීමක් කළා.
නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පැවසුවේ එවැනි පුද්ගලයෙකුට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරිය හැකි බවයි. මේ සම්බන්ධයෙන් වියදම් කිරීමට මුදල් නොමැති වූවත් නීති ආධාර කොමිසම් සභාව හරහා අදාළ කටයුතු සිදු කර ගත හැකි බවත් පැවසුවා.
මේ අතර සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණය කළ සැකකරු තවදුරටත් රඳවාගෙන ප‍‍්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටින බවද පොලිසිය පවසනවා.
වැඩබලන පොලිස් ප‍‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍‍්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේ ඔහුගෙන් අපරාධය සම්බන්ධ කරුණ රැුසක් අනාවරණය වෙමින් පවතින බවයි.

No comments:

Post a Comment

Popular Posts