Gossip Lanka Hot News Sabeetha Perera

''පවුල් ජීවිතේ අවුල් නැත්තෙමත් නෑ...'' ස්බීතා පෙරේරා
ikmangossiplanka.com
සාමාන්‍යයෙන් සබීතා දවස පටන්ගන්නේ කොහොමද?
සතියේ දවසක නම් උදෙන්ම නැඟිටිනවා. මොකද බබාගේ ඉස්‌කෝලේ වැඩකටයුතුවලට උදව්වෙන්න එපායෑ. පුතාගේ කෑම හදලා ඉස්‌කෝලේ යවලා තමයි දවස අරඹන්නේ.
පුතාගේ වැඩකටයුතු සබීතා නමැති මව අතින් සිදුවනවා?
පැහැදිලිවම. බාබාගේ වැඩකටයුතු 6.30 වෙනකොට අවසන්. ඊට පස්‌සේ මගේ වැඩකටයුතු.
මොනවාද ඔබේ වැඩකටයුතු?
මමත් තේ එකක්‌ එහෙම බීලා මහත්තයාගේ වැඩ. මහත්තයාගේ තේ එක දෙන්න ඕනෑ. ඇඳුම් ටික හදන්න තියෙනවා. හැබැයි ඒක හුඟාක්‌ වෙලාවට වෙනස්‌ වෙනවා අපි
දෙන්නාගේ රාජකාරී අනුව.
පුතා මොනවගේ චරිතයක්‌ද?
එයා මිනිස්‌සුන්ට අනුකම්පා කරන ඒ වගේම කලබලයක්‌ නැති චරිතයක්‌.
ගෙදරට වෙලා ඉන්නකොට මොකද කරන්නේ?
ඇත්තටම ගෙදරක සාමාන්‍යයෙන් කාන්තාවකගෙන් වෙන්න ඕනෑ යුතුකම් ටික අපේ ගෙදරත් මගේ අතින් සිදුවෙනවා. සාමාන්‍ය ගැහැනියක්‌ විදිහට තමයි, දවසේ වැඩකටයුතු සිදුකරන්නේ.
සැමියාගේ වැඩවලට ඔබෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්‌ද?
ව්‍යාපාරයේ කටයුතු වෙනුවෙන් බැංකුකටයුතුවලට ගොඩක්‌ වෙලාවට මම සහභාගි වෙනවා. මම සාමාන්‍යයෙන් සැමියාගේ කාර්යාලයට යනවා අඩුයි.
මේ දිනවල මොනවද සිදුවන්නේ?
ikmangossiplanka.com

මම දායක වුණු මහරජ අජාසත් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වැඩවලට මාධ්‍ය ඉදිරියට එන්න වෙලා තියෙනවා. ඒක හින්දා ටිකක්‌ විතර කාර්යබහුලයි.
සැමියා නිතර කේන්ති යන චරිතයක්‌ද?
ඔව්. (සිනාසෙමින්.)
ඔබ ඒ වෙලාවට කොහොමද හැසිරෙන්නේ?
අපි දෙන්නා චරිත දෙකක්‌. එයාට ටිකක්‌ තරහා යනවා. මටත් සමහර වෙලාවට තරහා යනවා. එකම දේ තියෙන්නේ අපි දෙන්නට එකට තරහ යන්නේ නැහැ. ඒක ලොකු දෙයක්‌. ඒ හින්දා නිතර ගැටෙනවා අඩුයි.
විවාහවෙලා කොච්චර කල්ද?
අවුරුදු පහළොවක්‌ විතර වෙනවා.
ආපස්‌සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?
ඇත්තටම මේක හැමෝම දන්න දෙයක්‌නේ. මගේ පාසල් දිවියේදීම තමයි සිනමා දිවිය පටන්ගත්තේ. එතකොට සාමාන්‍යයෙන් ගැහැනු ළමයෙක්‌ විදිහට බොහොම සුන්දරව සැහැල්ලුවෙන් ගතකරන්න ඕනෑ කාලය ගත කරලා තියෙන්නේ සිනමාව වෙනුවෙන්.
ජීවිතයේ හොඳම කාලය සිනමාව වෙනුවෙන් කැපකරන්න වුණා. ඒකනේ කියන්නේ?
පැහැදිලිවම. මම ඒ ගැන සතුටු වෙනවා. රටක සිනමා ශිල්පිණියක්‌ වීම සහ ඒ ගැන විශේෂ අවධානයට පත්වුණ අයගෙන් එක්‌කෙනෙක්‌ බවට මම පත්වෙලා ඉන්නවානේ. මට ඒ ගැන සතුටුයි. ගොඩක්‌ අය මට ආදරය කරලා තියෙනවා. මගේ කාර්යබහුලම කාලේ රසිකයන්ගෙන් මට දහස්‌ ගණන් ලියුම් ඇවිත් තිබෙනවා. මට මුළු ලංකාවම වගේ ආදරය කළා.
ikmangossiplanka
ඒ ආදරය අදවෙනකොට අඩුවෙලා නේද?
ආදරය අඩුවෙලා කියනවාට වඩා ගොඩක්‌ දෙනෙක්‌ මාව අද කාලේ සිනමාවෙන් දකිනවා අඩුයි. අනිත් එක ජීවිතයේ වයස වෙනස්‌ වෙනකොට අපිත් වෙනස්‌ වෙන්න ඕනෑ. අපිට හැමදාම එකම විදිහට ජීවත්වෙන්න බැහැනේ. අද පරම්පරාවට අපිට වගේ අවස්‌ථාව ලැබුණෙත් නැහැ.
විවාහ ජීවිතය ගැන ආපහු හැරී බැලුවොත් …?
අපේ ජීවිතවලට එක එක කාලවලදී එක එක දේවල් වෙන්න ඕනෑ. අපේ අත්දැකීම් අනුවනේ කතා කරන්නේ. එක කාලයක්‌ තිබුණා මට හරිම කාර්යබහුලයි. විවාහයක්‌ ගැන නම් හිතන්නවත් බැහැ. ඒ කාලේ විවාහය ඕනෑ නැහැ කියලත් හිතුණා. ඒ එදා මම හිතපු විදිහනේ. නමුත් අද මම සතුටුවෙනවා විවාහවෙලා මට දරුවක්‌ ඉන්න එක ගැන.
මේ ගෙවන ජීවිතය ඇතුලේ දෙන්න අතරේ පුංචි හරි බහින්බස්‌වීම් ඇතිවෙලා නැතිද?
ඒවා හරියට සිදුවෙනවා. දුක, කඳුල ආදරය සිනහම මගේ ජීවිතය පුරා ගලාගෙන යනවා. ඒක හින්දා මම හිතන්නේ ඒවා අපේ ජීවිතවලට වුවමනා වෙනවා කියලයි.
අලුත් නිර්මාණ එහෙම බලනවාද?
සබීතා පෙරේරා කියන රංගන ශිල්පිණියට කලාවට තියේනේ පුදුම ආදරයක්‌. කලාශිල්පිණියක්‌ කවදාවත් සාමාන්‍ය ගැහැණියක්‌ බවට පත්වෙන්නේ නැහැ.
එම නිර්මාණ ගැන මොකද හිතෙන්නේ?
මට නම් හිතෙන්නේ මීට වැඩිය සිනමා නිර්මාණ බිහිවිය යුතුයි කියලා.
එදා ගාමිණී, මාලනී, විජය, ගීතා, සබීතා, සනත් කියලා යුගයක්‌ තිබුණා. අද ඒ වගේ යුග බිහිවෙනවාද?
ikmangossiplanka.com

අද එදා වගේ යුග බිහිවෙන්නේ නැහැ. මම සිනමාවට එනකොට තිබුණේ මාලනී ෆොන්සේකාගේ යුගයයි. ඊට පසුව තමයි අපි ආවේ. අද ඒ වගේ යුග බිහිවෙන්නේ නැහැ, චිත්‍රපට නිර්මාණය වෙන්නේ නැති හින්දා.
එදා ඔබ කළ පෙම්වතියගේ චරිතය අද තරුණ නිළියන්ට හිමිවෙලා. මේ වෙනස ඔබේ සිත විඳ දරාගන්නේ කොහොමද?
මට පසුව පරම්පරා දෙකක්‌ ක්‍ෂේත්‍රයට ඇවිත් තිබෙනවා. අලුත් චිත්‍රපටවල පූජා එහෙම ලස්‌සනට රඟපාන්නේ. මනුස්‌සයෙක්‌ විදිහට මට ඒ චරිතය කරන්න තිබුණොත් කියලා හිතෙන අවස්‌ථා ඇති. මොකද සාමාන්‍යයෙන් මමත් මනුස්‌සයෙක්‌නේ.
හැබැයි මේ කාලය වෙනකොට මට පෙම්වතියගේ චරිතය රඟපාන්න ඕනෑ කියලා ආසාවක්‌ නැහැ. මොකද මට ගෙදරදොරේ වෙනම කටයුතු තියෙනවානේ.
පෙම්වතියේ චරිතය රඟපාන්න දැන් ආසාවක්‌ නැහැ කියන්නේ සිනමාවෙන් සබීතා තෘප්තිමත් වූ නිසාද?
ඇත්තටම මම තෘප්තිමත්. මොකද මම කරපු චිත්‍රපට, ටෙලිනාට්‍ය ගැන සෑහීමකට පත්වෙනවා. ඒ වගේ දේවල් කාටවත් කරන්න බැහැ කියලයි මම හිතන්නේ. මම එහෙම කියන්නේ ලොකු ආඩම්බරකමකට නෙමෙයි. ඇත්තටම අද කාලේ එහෙම කැපකිරීම් කරන්න අමාරුයි. පිටගම්කාරයෝ, අකාල සන්ධ්‍යා, ඇසළ කළුවර වගේ නිර්මාණවල මම රඟපෑ චරිත ගැන අදකාලේ බලනකොට මට හිතෙනවා ඇත්තටම මමද මේ රඟපෑවේ කියලා.
ikmangossiplanka

ikmangossiplanka.com

ikamngossiplanka.com


No comments:

Post a Comment

Popular Posts