Mahinda Rajapaksha Gossipl Lanka News

විමල්ලාගේ ලණු කා හෙම්බත් වුණු මහින්ද ගෙදරම නවතී
ikmangossiplanka.com
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා මහින්දවාදි කොටස් වෙනම සන්ධානයක් ගොඩනාගාගෙන ඉදිරිපත්වීම සඳහා ගත් උත්සාහය ලත් තැනම ලොප් වී ඇතැයි වාර්තාවේ. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඒ ගොඩ නැගීමට තීන්දු කර තිබුණද රාජපක්ෂ මහතා ඊට එකග වී නැත. ඔහු පවසා ඇත්තේ ශ්‍රීලනීපය දෙකඩ කර ඉතිහාසයේ ද්‍රෝහියකු වීමට තමන්ට බැරි බවත් වත්මන් ශ්‍රීලනිප නායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය අනුව ඉදිරියේදි කටයුතු කරන
බවය. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තමන් ශ්‍රිලනීපයට සහය දැක්වීම සිදු කරනවාද නැද්ද යන්න තව තීරණය කර නැතත් ඒ සිදු නොවේ නම් තමුන් ගෙදරට වී සිටින බවත් අවධාරණය කර තිබේ. රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ පරාජයෙන් පසුව නැවත මහමැතිවරණය සඳහා ඉදිරිපත් වූයේද ඔහු වටා සිටි දේශපාලන අනාතබාවයට පත්වුවන්ගේ පෙළඹවීම මතය.ඉන් බලාපොරොත්තු වූ ජයාග්‍රහණය අත්පත්කර ගැනීමට රාජපක්ෂ මහතාට නොහැකිවිය. මේ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානයක්කාර හා උදය ගම්මන්පිලගේ ගෝලබාලයන්ට යන එනමං නැතිව තිබේ.

No comments:

Post a Comment

Popular Posts