Seya's Murders Send to Court Medical Center

සේයා ඝාතනයේ සැකකරුවන් වෛද්‍යවරයා හමුවට​
www.ikmangossiplanka.com
පසුගිය දා කොටදෙණියාවේ ඝාතනය වූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනා ඊයේ (21) මීගමුව මහරෝහලේ විශේෂ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කෙරුවා. ඒ, අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ඞී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීම සඳහායි. ඉකුත්දා මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු මෙම සැකකරුවන් දෙදෙනා
ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර මහේස්ත‍්‍රාත්වරයා එහිදී නියෝග කළේ සැකකරුවන්ගේ ඞී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි. මේ අතර දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෙකුගේ ලැප්ටොප් පරිගණකයේ තිබී අසභ්‍ය දර්ශන විශාල ප‍්‍රමාණයක් ඊයේ සොයා ගෙන ඇති බවට වාර්තා පළ වනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රයන්ත ජයකොඩි මහතා පවසා ඇත්තේ අදාළ ලැප්ටොප් පරිගණකය වැඩිදුර විමර්ශන සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය වෙත යොමුකර ඇති බවයි.

No comments:

Post a Comment

Popular Posts