Maithripala Sirisena Gossip Lanka

සිරිසේනගේ දහං ගැට​...
Lanka Mini Gossip
සාමාන්‍ය ජනවහරේ දහං ගැට යන්නට වෙනත් අර්ථකතන තිබුණද පොතේ හැටියට දහං ගැට කියන්නේ දහම් ගැට පද වලටය. ගෞතම බුදුන්ගේ ධර්ම දේශනාව සාමාන්‍ය පොදු ජනතාවට තේරුම් බේරුම් කර දීම සඳහා මෙම දහම් ගැට පද නිර්මාණ වූ බව කියවෙතත් එකි කතුවරයකු ගැන නිශ්චිත නැත. ඒ කොහම උනත් ජනවහරේ, කුමක් හෝ දහංගැටයක් ගසා ගැටලුවලින් බේරී පලා යා හැකි බව කියැවෙයි. මන්ද ඒ දහං ගැට තේරුම් ගැනීමට කල් ගත වන බැවින්ය. හොඳ සූත්තර කාරයකුට ගැලවීමේ මාර්ගයක්
සොයා ගැනීමට ඒ කාලය ප්‍රමාණවත්ය. මේ කියන්නේ මේ වන විටත් විවරණය කර ගන්නට නොහැකිව තිබෙන ගැටයක් ගැනය. ඒ දහම්ගේ ගැටයයි. මේ දහම් ජනාධිපති සිරිසේන මහතාගේ පුත් රුවන ගැනය.
දහම් සිරිසේන එක්සත් ජාතින්ඟේ සමුළුවට යාම ගැන විවිධාකාර ප්‍රතිචාරයන් රැසක් මේවන විට මාධ්‍ය වල දකින්නට අසන්නට ලැබේ. ඊට දහම්ද ප්‍රතිචාරයක් දක්වා තිබෙනු දකින්නට තිබිණි.
අප මීට පෙර ඉදිරිපත් කළ ලිපියකින් මේ ගැන සත්‍ය තත්වය පැහැදිලි කර දුන්නේද තලන්න පුලුවන්කම ඇත්තේ යකඩය නිසා යකඩයටම තැලීම කට්ටිය දිගටම කරගෙන යන සෙයක්ද පෙනේ. මෙයින් ඔවුන්ට ස්වයං වින්දනයක් ලැබීමට හැකි වීම ගැන සතුටක් වගෙම කණගා‍ටුවක් ද අපිට තිබේ.
සතුට නම අසරණව සිටින වුන්ට සතුටක් ලැබීමට හැකි වීමය. කණගා‍ටුවට කරුණ නම් ඔවුන්ගේ අසරණක කම තවදුරටත් ඛේදවාචයක්වම පැවැතීමය. මන්ද මොළේ නැති එකාට මොළය දීමට අපට නොහැකි නිසාවෙනි.
පසුගිය රාජපක්ෂ පවුල් ආණ්ඩුව මෙන්ම ඊටත් පෙර සිරිමාවෝ යුගයේ පැවැති පවුල් ආණ්ඩුව ලංකාවේ දේශපාලන ඉතිහාසයේ නරකම යුගයන් දෙකකි. මේ ආණ්ඩු දෙකටම එරෙහිව මහජන මතය නිර්මාණය කළේ එජාපය විසින්ය. ඒ ආණ්ඩු පෙරලා දමුවේද එජාපය විසින්ය. එජාප ආණ්ඩු සැලකුණේ පොදු ජනයාගේ ආණ්ඩු ලෙසය. මේ පවුල් ආණ්ඩු බිහිවීම නැතිනම් පවුල්වාදය බිහිවීම ආසියාතිකරයේ සුලබ නමුත් ලොකයේ කවර දිග්භාගයක වුව දකින්නට ලැබෙන්නකි. රාජාණ්ඩු යුගයන් පසුකළ මිනිසා සමාජයට ඒ පුරුදු ලෙහෙසියෙන් අත්හැරෙන්නේ නැත.
සමාජ පසුගාමිත්වය මේ තත්වයන් තිව්‍රවීම කෙරෙහි බලපා තිබේ. තමන් නූතනවාදීන් හෝ විප්ලවාදීන් යැයි කියන ජනතා විමුක්ති පෙරමුණට විජේවීරගේ පවුල ලොකු ප්‍රශ්නයක් බවට පත්වන්නේද මේ නිසාය. මේ පසුගාමි රටේ මිනිසුන්ගේ හැටියට පාලකයන් බිහිවන්නේය. මහින්ද රාජපක්ෂ මෙන්ම මෛත්‍රීපාල සිරිසේනද ‍තෝරා ගනු ලැබුවේ මෙරට ජනතාවය.
මහින්ද රාජපක්ෂ තම පුතුන් තිදෙනාව ඉහළ තැන්වල රැඳවීම වෙනුවෙන් කටයුතු කළ ආකාරය ගැන විවේචන තිබේ. නමුත් ඒ තාත්තා කෙනෙකු තම පුතුන් වෙනුවෙන් තමන්ගේ හැකියාව (බලය, රාජ්‍ය දේපල) යොදා ගත් ආකාරය ජනතාව පිලිගත්තේ නැත.
අද දහම් සිරිසේන සමුළුවට යෑම ගැන විවෙචනය කරන වුන් බොහොමයක් දෙනා අතර තමන්ගේ පුතාව දුවව ජනප්‍රිය පාසලකට දැමීම සඳහා පගාව දුන්නන්, හොර ලේඛන සැකසූවන් නොමැතිද? නැතිනම් මාපියන්ගේ සහයෙන් එවැනි හොර වැඩ යොදාගෙන ජනප්‍රිය පාසල්වලට ඇතුලු වූවන් නොමැතිද? එහෙම උත්සාහයක් හෝ ගත්ත වුන් නොමැතිද? මහින්දගේ වැඩයි, මේ තාත්තලාගෙයි පුතාලාගෙයි වැඩ අතර වෙනසක් නැත. වැරැද්ද වැරැද්දමය.
මේ අතර දහම් සිරිසේන සමුළුවට යාම ගැන විවේචනය ගෙන එන්නන් අතර රාජපක්ෂ හිතවාදීන් වීමද වී තිබීම ලොකුම විහිළුවකි. ඒ කුමක් වූවත් දහම් මේ සමුළුවට සහභාගී වීම යළි පවුල්වාදය රජවීමක් ලෙස අර්ථකතනය කරන්නට තවම කල් වැඩිය.
මේ පවුල්වාදය යැයි කිසිවකු හෝ කියන්නේ නම් ඒ කුහකකම විනා වෙනකක් නොවේ. ඒ තබා, අප හොඳින්ම දන්නා පරිදී සිරිසේන මහතාගේ ඥාතීන් කිසිවකුත් ජනාධිපති කාර්යාලය පැත්ත පළාතේවත් වැද්ද නොගන්නා ලෙස ජනාධිපතිවරයා එහි නිළධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ අදටත් ක්‍රියාත්මක වේ. නමුත් නාමල් ලාගේ යෝෂිතලාගේ කාර්යාල පවා එවකට ජනාධිපති කාර්යාලය තුල පැවැතිනි.
පවුල්වාදය කියන්නේ තත්තා සමඟ පුතා හෝ දුව පස්සෙන් යාම හෝ තාත්තාගේ සහයට පුතා හෝ දුව යාම නොවේ. සිරිසේන මහතා සමඟ දහම් යන්නේ ඔහුගේ විශ්වාසවන්තම සේවකයා ලෙස බව මේ ගැන තතු දන්නෝ දනිති. ඊට සාධාරණ හේතු තිබේ.
ජනාධිපතිවරයාගේ වත්මන් දේශපාලන ගමන අතුරේ යාමකට වඩා භයානක තත්වයක පවතී. පසුගිය වසරකට ආසන්න කාලයක් තිස්සේ ඔහු මුහුණ දුන් අභියෝගයන් සුළුප‍ටු නොවේ. ඉදිරියේත් ඒ එසේම පවතී. අද ඔහුට එරෙහිව බලයට කෑදර වූවන්ගෙන් එල්ලවන ප්‍රහාරයන්ම ඊට සාක්ෂි සපයයි.එහෙත් කවුරු කෙසේ කීවත් සිරිසේන මහතා සිටින්නේ ප්‍රජතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණයක් වෙනුවෙනි. ඒ කුමන තත්වයක් යටතේ හෝ ඔහු සිදු කරනු ඇති බවට විශ්වාසයක් තිබේ. එම තත්වයන් හමුවේ විශාල සතුරන් කණ්ඩායමකට අසීරූ තාවයන්ට පත්වීමට සිදුවනු ඇති බවත් පැහැදිලි කරුණකි.
මේ තත්වයන් මත තමාගේ ආරක්ෂාව මෙන්ම නිවැරදී තීරණය ගැනීම ගැන ඔහු සැලකිලිමත් විය යුතුය. ඔහුට දහම්ව අවශ්‍යවන්නේ ඒ තත්වය තුලය. දහම්ව ළංකර ගැනීම කිසිසේත්ම වැරදි තීරණයක් නොවේ. රාජපක්ෂ පාලනයේදී ඔහු තම සහොදරයන් ළංකර ගත්තේද ආරක්ෂාව හා පැවැත්ම වෙනුවෙනි. නමුත් ප්‍රශ්නය වූයේ රාජ්‍ය සූරාගෙන කැමට මේ සොහොයුරන් හා ඥාතීන් කටයුතු කිරීමය. විධායකයේ බලතල යොදා ගනිමින් ඔවුන් කළ සොරකම් වංචා දූෂණ හා අපරාධ ‍රැසක් අනාවරණය විය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ඒකාධිපති පවුල් පාලනයක් ඇති විය. රට ජනතාවට මේ පවුල අප්‍රිය වුයේ මේ නිසාය.
සිරිසේන මහතා වෙනස් කළේ මේ තත්වයයි. ඊට හොඳම උදාහරණය, අද දහම්ව එක්සත් ජාතින්ගේ සමුළුවට ගෙන යාම සම්බන්ධයෙන් එල්ලවන විවේචනයමය. එදා රාජපක්ෂ පවුලේ කිසිවකුත් විවේච්නය කිරීමට හැකි වූයේ නැත. අද මේ මේ කෑ ගසන කිසිවකුත් එදා හිටියේ මීක් නැතිවය.
රාජපක්ෂලාගේ සහසිකත්වය පෙනි පෙනී ඊට එරෙහි වූවන් කීදෙනෙක් ඝාතනයට ලක්වූවාද, අතුරුදන් වූවාද, පහර කෑමට වෙනත් තාඩන පීඩන වලට ලක්වූවාද? එහෙත් අද ඉතා අසත්‍ය මෙන්ම අසභ්‍යවදන් යොදා ගනිමින් සිරිසේන මහතාට හා එම පවුලේ සාමාජිකයන්ට ප්‍රහාර එල්ල කරන එකදු වෙබ් අඩවියක් අවහිර කිරීමක් හෝ මේවන තෙක් පාලකයන් වෙතින් සිදුව නැත. ඒතාක් දුරට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ‍රැක තිබේ..
දීර්ග කාලයක් තිස්සේ සිදුවෙමින් පැවැති වරදක් සුළු කාලයකින් නිවැරදී කිරීම පහසු නොවේ. ඊට සාධාරණ කාලයක් අවශ්‍යය. එහෙත් එම තත්වය හමුවේ පවා මේවන විටත් නිතියේ ආධිපත්‍ය පිහි‍ටුවා තිබේ. ප්‍රජාතන්තවාදී ආයතන පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක වෙමින් පවතී. පොලීසිය ස්වාධීනව කටයුතු කරමින් පවතී.
වරදක් පෙනේ නම් ඊට සාධාරණ විවේචනය ඇවැසි මුත් නොදන්නකම හෝ කුහකකම හෝ තක්කඩිකම මත පිහිටා කරන සාහසික විවේචන බාරගත යුතු නැත. දහම් සිරිසේන මහතා සම්බන්ධයෙන් කෙරෙන අසාධාරණ සාහසික විවේචනය ජනාධිපතිවරයා බාර ගත යුතු නැත. ඒ දහං ගැටයක්ව පවතින්නට ඉඩ හැරීම වඩා යෝග්‍යය.

No comments:

Post a Comment

Popular Posts