Hirunika Premachandra Speaks About Her Past

''මම දැන් ඒ ගැන කිව්වම මහත්තයට හිතට දුකයි...''
හිරුණිකා ජීවිතයේ සතුටුම දවස ගැන කියයි!
ikmangossiplanka.com
තවමත් තමන්ට ජීවිතයේ අවංකව සතුටුවන දවස උදා වී නොමැති බවත් ඇතම් විට එම දිනය සිය පියාගේ මරණයට සාධාරණය ඉටුවන දිනය විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. ඇය මේ බව පැවසූවේ 11 වැනිදා පෙරවරුවේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ වැඩසටහනකට එක්වෙමිනි. නමුත් ඇතැම් කාන්තාවන්ට සිය සතුටුම දවස සිය විවාහ දිනය වුවද තමන්ට එම දිනය ජීවිතයේ සතුටුම දිනය ලෙස හැදින්විය නොහැකි බවත් ඇය සඳහන් කළාය. ‘සැමියත් බලන් ඇති එයාට දුක හිතෙයිද දන්නෑ
මේක කිව්වට‘ යැයි හිරුණිකා මන්ත්‍රිවරිය ඒ පිළිබඳ සඳහන් කළාය. සිය පියාගේ ඝාතනය සම්බන්ධව පවරා ඇති නඩුව ඉල්ලා අස් කර ගන්නා ලෙස බලපෑම් කළ බවත් ඒ සඳහා පසුගිය සමයේ රාජ්‍ය තන්ත්‍රයේ ඉහළ සිට පහළට පුද්ගලයින් කතා කළ බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
එම වැඩසටහනේ වීඩියෝව පහතින් නරඹන්න. 

No comments:

Post a Comment

Popular Posts